බදියුදීන් ගැන පරීක්‍ෂණ ඇරඹේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

බදියුදීන් ගැන පරීක්‍ෂණ ඇරඹේ

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ග විසින් මෙහෙයවන ලද අමාත්‍යංශයේ ලක්ෂ 95 රාජ්‍ය මුදල් අවඵාවිතාවක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.


පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකෙරේ.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad