වරායේ මහා පරිමාණ වංචා හා දූෂණ පිළිබද CID යට පැමිණිලි කිරීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

වරායේ මහා පරිමාණ වංචා හා දූෂණ පිළිබද CID යට පැමිණිලි කිරීමට යයි

හපාලන ආණ්ඩුව යටතේ අමාත්‍යවරුන් තිදෙනෙකු යටතේ පැවැති වරාය අමාත්‍යංශයෙහි මහා පරිමාණ වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව ඇති අතර ඒවා ක්‍රමයෙන් මේ වන විට හෙළදරව් වෙමින් පවතී.වරාය අමාත්‍යංශයේ මානව සම්පත් අංශයට අදාළව අයථා බදවා ගැනීම් හේතුවෙන් මේ වන විට සේවක අතිරික්තයක් හා විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවේ .

එසේම වරාය මුළු තැන්ගෙය යනු පෝෂ්‍යදායි ආහාර වේලක් නොමිලයේ සපයන ස්ථානයක් වන නමුත් කැළණියේ එජාප සංවිධායකවරයෙකු වන බෙවන් පෙරේරාගේ පුත් මංජු පෙරේරා විසින් වංචා සහගත ලෙස ආහාර නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දෙන්නගෙන් ලබාගන්නා කොමිස් මුදල් හේතුවෙන් එක් ආහාර වේලක පැවැතිය යුතු මිල රුපියල් 150ක් වුවත් මේ වන විට එහි වියදම 360ක් දක්වා ඉහල ගොස් ඇත්තේ ආහාර සදහා වන නිෂ්පාදන ද්‍රව්‍යවලින් කොමිස් ලබා ගැනීම හේතුවෙන් බව වරාය අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග හෙලිදරව් කර සිටී.
මේ හේතුවෙන් මීට සම්බන්ධ එක් නිලධාරියෙකුට මාසයකට මිලියන 3ක මුදලක් වංචා සහගතව උපයාගෙන ඇති බවද සදහන් වේ කෙසේ නමුත්
අදාළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි කිරීමට බලා පොරොත්තු වෙන බවත් මේ හා සමාන වංචා විශාල ප්‍රමාණයක් මේ වන විට වාර්තාවෙමින් පවතින බවත් ඊට අදාළ නිලධාරීන්ගේ සෘජු සම්බන්ධතාවයන් සම්බන්ධයෙන්ද පැමිණිලි කිරීමට නියමිත බව අභ්‍යන්තර අරංචි මාර්ග තහවුරු කර සිටී.


lankatarget

No comments:

Post a Comment

Post Bottom Ad