රාජිතට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට තීන්දුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 20, 2020

රාජිතට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට තීන්දුයි

කුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළේය.
ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊට අදාළව නොතීසි නිකුත් කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ලබන 23දා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

‍අනතුරුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය මාර්තු මස 05 වැනිදා සිදුකරන බව විනිසුරුවරයා නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත්දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී තම සේවාදායකයාට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සැකකාර රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු මතු කර තිබුණි.

එම විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අද දින තීන්දු ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සදහන් කර සිටියේ අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ පවතින බවයි.

ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා තීන්දු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad