ඒ මගේ ඇමතුම් තමයි - විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී - රංජන් හඳුනා ගත් හැටිත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 20, 2020

ඒ මගේ ඇමතුම් තමයි - විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී - රංජන් හඳුනා ගත් හැටිත් කියයි

රන්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20 ) පිළිගෙන ඇත.

රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රන්ජන් රාමනායක මහතා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
gossip

No comments:

Post a Comment

Post Bottom Ad