ආණ්ඩුව අලුතින් අච්චු ගැසූ රුපියල් බිලියන 292න් 74ක්ම ආගිය අතක් නෑ.. ඒ සල්ලි කෝ ? - තිස්ස - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 2, 2020

ආණ්ඩුව අලුතින් අච්චු ගැසූ රුපියල් බිලියන 292න් 74ක්ම ආගිය අතක් නෑ.. ඒ සල්ලි කෝ ? - තිස්ස

ත්මන් රජය විසින් අලුතින් මුද්‍රණය කළ රුපියල් බිලියන 292ක මුදලින් රුපියල් බිලියන 74ක් ආගිය අතක් නොමැති බව සමගි ජන බලවේගයේ  අපේක්ෂක තිස්ස අත්තනායක මහතා පවසයි.

"මහබැංකුවේ සංචිත තිබුණේ රුපියල් බිලියන 115යි. මේ ගොල්ලො මුද්‍රණය කරනවා රුපියල් බිලියන 292ක්. මේ අතර වෙනස රුපියල් බිලියන 177ක්.
එතකොට ඒ තුළින් අනිවාර්යයෙන්ම ආර්ථික න්‍යායන්ට අනුව කුමන විදියේ පාලනයක් කළත් උද්ධමනය වැඩිවීම පාලනය කරන්න බෑ.

එක්කො ඒ වෙනුවට ආණ්ඩුව පෙන්නන්න ඕනෙ කොහොමද අපි ඒ වෙනුවට සංචිත වැඩිකරන්නෙ කියලා. අපෙ අපනයන ආදායම වැඩිකිරීමෙන් හෝ අපට විදේශ මුදල් වැඩිකිරීමෙන් හෝ අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් කරන්න හැමවිටම ආණ්ඩුවක් ක්‍රියාකළ යුතුව තිබෙනවා. නමුත් ඒ කිසිවක් සැලකිල්ලට ගන්නෙ නැතුව රුපියල් බිලියන 292ක් මුද්‍රණය කරලා වෙළඳපොලට නිකුත් කරලා තියෙනවා රු. බිලියන 218ක්.

දැන් මෙතනත් ප්‍රශ්නයක් තිබෙනවා. රුපියල් බිලියන 218ක් වෙළඳපොලට නිකුත් කරපුවාම එතනින් ඉතුරු වෙන රු. බිලියන 74 ආගිය අතක් නෑ ! ඒ ආගිය අතක් නෑ කියලා අපි කිව්වෙ, ඒවා වෙළඳපොලට නිකුත් කරලා නැහැ. මුද්‍රණය කළ බව සඳහන් වෙනවා. නමුත් කුමන ආකාරයෙන් හෝ ඒවා රඳවාගෙන තබාගෙන තිබෙනවා. එහෙම නම් ඒ මුදල් කෝ ? ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මුදල් පිළිබඳ වගකියන පාර්ලිමේන්තුව අද රැස්වෙන්නෙ නෑ. ආණ්ඩුව සහ මහබැංකුව එවැනි මුදල් අච්චු ගැසීමකට ගියා නම් ඒ පිළිබඳ සියලු කාරණා පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු වෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළයුතු වෙනවා. හැබැයි බිලියන 74ක් ඒ මුද්‍රණය කරපු මුදල් වෙළඳපොලට නිකුත් කරලා නෑ. එහෙම නම් මෙතන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad