ප්‍රවාහන සේවය තුළත්,වෙළෙඳපොළ තුළත් මැතිවරණ රැස්වීම් තුළත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාමේ ඉතාම දුර්වල තත්ත්වයක් පැවති අතර එය නොසලකාහරින තත්ත්වයක් දක්නට ලැබුණු අතර මෙය ඉතා අයහපත් ප්‍රවණතාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.
එම තත්ත්වය තුළ යම්කිසි ආකාරයකින් රෝගියෙක් සිටියේ නම් විශාල පිරිසකට රෝගය බෝවීමත් එම ආශ්‍රිතයන් හඳුනා ගැනීමත් ඉතාම අපහසු වන බවයි සමරවීර මහතා පෙන්වාදෙන්නේ.
එහෙයින් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමත් ජනාකීර්ණ ස්ථානවල දී නිසි පරිදි මුඛ ආවරණ පැළඳීමත් අත් සේදීමත් ඉතාම වැදගත් බව ඔහු කියා සිටියි.
මේ මොහොතේ වෛරසය ව්‍යාප්තිය පාලනය නොකළොත් එය වෛරසය ව්‍යාප්තියට බලපාන අතර එවැනි තත්ත්වයකදී යළිත් පසුගිය මාස කිහිපයේ පැවති ආකාරයට සීමාවන් පැනවීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එය යළිත් ජන ජීවිතය ආපස්සට හරවනු ඇති බවද සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.
දැන් හඳුනාගෙන තිබෙන තත්ත්වය දෙවන රැල්ලක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතියත් තත්ත්වය පාලනය කර තිබෙන බවත් මෙලෙස හඳුනා නොගත් රෝගියෙක් තවත් තැනක සිටියොත් එය දෙවන රැල්ලක් ලෙස මතු වීමේ අවදානම තිබෙන බවද හෙතෙම පෙන්වාදෙයි.
එහෙයින් රටේ සමස්ත ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියි.
Sunday, July 12, 2020

Home
ප්රවෘත්ති
මැතිවරණ රැස්වීම්වල තත්ත්වය ඉතාම නරකයි - වෛරසය ව්‍යාප්ත වුණොත් ආශ්‍රිතයන් හොයාගන්නත් බැරිවෙයි (VIDEO)
මැතිවරණ රැස්වීම්වල තත්ත්වය ඉතාම නරකයි - වෛරසය ව්‍යාප්ත වුණොත් ආශ්‍රිතයන් හොයාගන්නත් බැරිවෙයි (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment