ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරියේ විරෝධතාවක් පැවැත්වීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත දැනුවත් කරමින් සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

2. ස්ථානාධිපති,
මිරිහාන පොලිසිය,
මිරිහාන.

ගරු පොලිස්පතිතුමනි/ස්ථානාධිපතිතුමනි,
ජනාධිපති නිවස අසළ විරෝධතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම

 *පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේන යටතේ සිදුවීමට ඉඩ දුන්නේ ගෝඨාභය දිනවීමේ     දේශපාලන ඩීල් එකකට ද?
 *මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට නොගන්නේ, රජය ඔහු සමඟ දේශපාලනය කරන්නේ ඒ නිසා ද?
 *ප්‍රහාරය ගැන කතෝලික ශිරන්ති කාදිනල් හිමිපාණන්ට නොකිව්වා ද? නොකිව්වේ ඇයි?

මෙම සංවිධානයේ සභාපතිවරයා ලෙස මා විසින් උක්ත මාතෘකා යටතේ, අතිගරු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ දී, කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව, මහජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන්, තනිවම උපවාසයක්/විරෝධතාවක් 2020 සැප්තැම්බර් මස 29 වනදා පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගරු අධිකරණය මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස මා මින් ඉල්ලා සිටිමි.

ජේසු පිහිටයි,
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

කෙසේ වෙතත් එම සංවිධානය විසින් පසුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උපවාසය/විරෝධතාව අත්හිටුවීම, සාකච්ඡා වෙත යොමු වීම

අද (29) පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ දී මිරිහානේ පිහිටි ජනාධිපති නිවස අසල සිදු කිරීමට නියමිතව තිබූ උපවාසය/විරෝධතාව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඊට හේතු වන්නේ අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (28) රාත්‍රියේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුදීශ්වර බන්ඩාර මහතා මා අමතා අදාළ උපවාසයට/විරෝධතාවට හේතුවන කරුණු සම්බන්ධයෙන් තමාව ඍජුව හමුවී සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් කිරීමයි.

ඒ අනුව අද (29) උදෑසන 9.45 ට සුදීශ්වර බන්ඩාර මහතා සමඟ සාකච්ඡාවක් කිරීමට අප ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතය. මේ සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති
කතෝලික විභාවනය 


No comments:

Post a Comment

Post Bottom Ad