විසිවන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

විසිවන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක්



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් ගොණුකර තිබෙනවා.


ඉකුත් සිකුරාදා නිමවන විට ගොනු කර තිබූ සමස්ත පෙත්සම් සංඛ්‍යාව වූයේ 18 කි.


අද දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි ඇතුළු පාර්ශව විසින් තවත් පෙත්සම් විසි එකක් ගොනු කර තිබුණා.


එම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.


මෙම පෙත්සම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. 


No comments:

Post a Comment

Post Bottom Ad