වරාය නගර හොර ගිවිසුම යුද්ධය වෙනුවෙන් දිවි දුන් අයට කළ අවමානයක් - විජිත හේරත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

වරාය නගර හොර ගිවිසුම යුද්ධය වෙනුවෙන් දිවි දුන් අයට කළ අවමානයක් - විජිත හේරත්

තිස් අවුරුදු යුද්ධය අවසන් කොට අදට වසර 12ක් පිරෙන මේ මොහොතේ රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය පාවා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම දෛවයේ සරදමක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

එදා මෙරට සෑම ජන කොටසක්ම ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය පාවා දීම සඳහා නීති විරෝධීව වරාය නගර සැලසුමක් ගෙන ආ බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

තිස් අවුරුදු කුරිරු යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියල්ලන්ටම ලබා දිය යුතු ගෞරවය වෙනුවට ඔවුන්ව අවඥාවට ලක් කිරීම සඳහා වරාය නගර සැලසුම ගෙන ආ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වරාය නගර ගිවිසුම රට පාවා දෙන ගිවිසුමක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම පනත කඩිමුඩියේ වසංගතය අස්සෙ අලුත් අවුරුද්දට කලින් පාර්ලිමේන්තුවට දමා සම්මත කරගැනීමට උත්සාහ කළ බවත් විපක්ෂය හා අනෙකුත් පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් නිසාවෙන් එය වැළකුණු බවද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad