60ට වැඩි ආසාදිතයන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට බාර නොගෙන හරවා යවලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

60ට වැඩි ආසාදිතයන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට බාර නොගෙන හරවා යවලා?


කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට වයස අවුරුදු 60 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් බාර නොගන්නේ යැයි පවසමින් කොරෝනා ආසාදිත කාන්තාවක් නැවතත් නිවසට ගෙනවිත් දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නිදන්ගත රෝග රැසක් සහිත කෑගල්ල ප්‍රදේශයේ මවක් මෙසේ නැවතත් තම නිවසට ගෙනවිත් දමා තිබූ බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

දැනටමත් කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු වීමට නොහැකිව නිවස තුළ රැඳී සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් එසේ රැඳී සිටින අය කිසියම් සංකූලතාවක් හෝ රෝග ලක්ෂණ ඇත්තේ නම් හැකි ඉක්මනින් තම සංගමයට දැනුම් දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad