අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරි සති තුනකදී පමණ මහා ව්‍යසනයක් - බලධාරීහු අනතුරු අඟවති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරි සති තුනකදී පමණ මහා ව්‍යසනයක් - බලධාරීහු අනතුරු අඟවති


මේ වන විට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය මර්දනය කර ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරි සති තුනකදී පමණ මහා ව්‍යසනයක් ඇති වීමේ අවදානමක් පවතින බවට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා....

"මේ අවස්ථාවේදී මේ තත්ත්වය මර්දනය කර ගැනීම සඳහා ගත හැකි සියලු ම ක්‍රියාමාර්ග අපි සියලු දෙනා ම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ඒ ක්‍රියාමාර්ග නොගත්තොත් මේක මහා ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ අවස්ථාවේදී තියෙනවා. තව මාසෙකින් තව සති තුනකිත් මීට වඩා අතිභයානක තත්ත්වයක් දකින්න වෙනවා මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තෙ නැත්නම්."

No comments:

Post a Comment

Post Bottom Ad