හදුනා නොගත් ආසාදිතයන් ලක්‍ෂය ඉක්වමා සමාජයේ.. වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙයි - සුදර්ශනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

හදුනා නොගත් ආසාදිතයන් ලක්‍ෂය ඉක්වමා සමාජයේ.. වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙයි - සුදර්ශනී

දිනපතා නිවේදනය කරන කොරෝනා ආසාදිතයන් මෙන් දෙගුනයක් තුන්ගුණයක් පමණ ආසාදිත ප්‍රමාණයක් පරීක්ෂණවලට ලක් නොවී සමාජය තුළ සිටිය හැකි බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ආසාදිතයන් ලෙස නිවේදනය කරනු ලබන්නේ සිදුකරන ලද පරීක්ෂණවලින් හඳුනා ගන්නා අය බවද පවසන ඇය පරීක්ෂණවලට ලක් නොවී වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි බව ද පවසයි.

අප්‍රේල් මස 15 වන දින සිට මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 44,000 වාර්තා වූ බව ද ඇය සඳහන් කළාය.

දැනට සිදුකරන එන්නත්කරණය එන්නත් අවසන් වූ පසු තාවකාලිකව නවතා දමන බවත් ඊළඟ එන්නත් තොග ලැබුණු පසු නැවතත් එන්නත්කරණය අරඹන බවත් ඇය තව දුරටත් පැවසුවාය.

රජය විසින් වසංගතයේ තත්වය වසන් කරන්නේදැයි කල විමසීමට ඇය කියා සිටියේ එය අසත්‍ය බවත් ‘වසංගතය වසං කරන්න ගියොත් අපිත් වසං වෙලා යයි’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad