හරීන් සමඟ පැටලුනු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

හරීන් සමඟ පැටලුනු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපල

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් ක පා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ සිද්ධිය වී ඇත්තේ එම රථය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පෙරේදා රාත්‍රී (18)නවත්වා තිබියදීය.

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සමග උරණව සිටින පුද්ගලයකු මේ පහත් ක්‍රියාව කරන්නට ඇති බවයි .

තමා පසුව වාහනයට අලුත් ටයර් දෙකක් දා ගත් බවද මන්ත්‍රීවරයා කීවේය .

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත

හරීන් ප්‍රනාන්දු මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැ ටුම සම්බන්ධයෙන් නම සඳහන් වූ අනෙක් මන්ත්‍රීවරයා වූයේ තිස්සකුට්ටිආරච්චි මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad