මාස්ක් නැතුව සුපර්මාකට් එකට ගිහින් විල්බැරෝවේ බඩු ගෙනගිය දර්ගා නගරයේ පුද්ගලයාට වැඩ වරදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

මාස්ක් නැතුව සුපර්මාකට් එකට ගිහින් විල්බැරෝවේ බඩු ගෙනගිය දර්ගා නගරයේ පුද්ගලයාට වැඩ වරදී !

සෞඛ්‍යාරක්ෂිතව මාස්ක් එකක් පැළඳ නොසිට, සුපිරි වෙළඳසැලකින් මිලදී ගත් භාණ්ඩ විලැබැරෝවෙන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඊයේ අළුත්ගම ධර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍යාරක්ෂිතව මාස්ක් එකක් පැළඳ නොසිටි 40 හැවිරිදි සැකකරු නිරෝධායන රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගමන් කිරීමේදී පුද්ගලික වාහන භාවිතා කිරීම තහනම් කිරීම හේතුවෙන් මෙම වීඩියෝව අද උදෑසන සමාජ මාධ්‍යවල වේගයෙන් ව්‍යාප්ත විය.

එහිදී බොහෝ දෙනෙක් විමසා සිටියේ මාස්ක් එකක් පැළඳ නොසිටීම නිසා මෙම පුද්ගලයා අත් අඩංගුවට නොගන්නේ මන්ද යන්නයි.

එමෙන්ම ඔහු විලැබැරෝවෙන් බඩු අරන් ගිය ආකාරය පුද්ගලයන් දෙදෙනෙක් ලවා වීඩියෝ කිරීමටද සමත්ව ඇති බව එම වීඩියෝවෙන් දර්ශනය වූව.

No comments:

Post a Comment

Post Bottom Ad