සජිත්ට කොවිඩ් හැදුණේ ආණ්ඩුවේ වරදින්…. පාර්ලිමේන්තුව කල් දැම්මා නම් කොවිඩ් හැදෙන්නේ නෑ – කිරිඇල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

සජිත්ට කොවිඩ් හැදුණේ ආණ්ඩුවේ වරදින්…. පාර්ලිමේන්තුව කල් දැම්මා නම් කොවිඩ් හැදෙන්නේ නෑ – කිරිඇල්ල

විපක්ෂයේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව කල් නොදමා පැවැත්වීම නිසා සමස්ත පාර්ලිමේන්තුව ම කොවිඩ් අවදානමට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොවිඩ් ආසාදනය වූයේ පාර්ලිමේන්තුවෙන් නොවේ යැයි කතානායකවරයා පවසන්නේ කුමන විද්‍යාත්මක සාධක මත දැයි කිරිඇල්ල ප්‍රශ්න කරයි.

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට දුන් වත්මන් ආණ්ඩුව තෙවැනි රැල්ලේ දී වරාය නගර පනත සම්මත කර ගැනීම වෙනුවෙන් තවත් දහස් ගණනකගේ ජීවිත බිලි වන තුරු බලා සිටි බවට ද කිරිඇල්ල චෝදනා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad