ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට අමෙරිකාව කී කතාවට ආරක්ෂක ලේකම් උත්තර දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට අමෙරිකාව කී කතාවට ආරක්ෂක ලේකම් උත්තර දෙයි!

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි. තවද ආරක්‍ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත.

වර්ථමානයේ රට තුළ පවතින කොවිඩ්-19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපදය විසින් 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතත්, එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad