තරඟයක් නෑ! ශම්මි ක්‍රිකට් බලය අල්ලයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

තරඟයක් නෑ! ශම්මි ක්‍රිකට් බලය අල්ලයි!!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ( 2021/2023) නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය අද (20) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් හත්දෙනාම නිතරඟයෙන් පත්වීම කැපී පෙනුණි.

රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු උප සභාපති ධුර දෙකටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් ධූරයටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත් මෙහිදී නිතරඟයෙන් පත්වූහ.

ලසන්ත වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස සහ සුජීව ගොඩලියද්ද මහතා උපභාණ්ඩාගාරික ධූරයටද නිතරඟයෙන් පත්වූහ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රිකට් නිලවරණය පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad