වරාය නගර පනත් කෙටුම්පත හැදුවේ විදෙස් කොම්පැනියක නීතිඥවරියක් - විපක්ෂ නායක හෙළිකරයි - (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

වරාය නගර පනත් කෙටුම්පත හැදුවේ විදෙස් කොම්පැනියක නීතිඥවරියක් - විපක්ෂ නායක හෙළිකරයි - (VIDEO)

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කළ වරාය නගර පනත් කෙටුම්පත සාදන ලද්දේ කවුරුන්දැයි මේ සභාවේ සිටින මැති ඇමතිවරු දන්නවාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

එම ප්‍රශ්න කිරීමෙන් පසු රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවයටද තර්ජනයක් වන වරාය නගර පනත් කෙටුම්පත සෑදූ පුද්ගලයා විපක්ෂ නායකවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

විදේශ කොම්පැනියක නීතිඥවරියක් මෙම වරාය නගර පනත් කෙටුම්පත තනිවෙන් හැදූ බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කරන ලදී.

මේකද රජයේ දැක්ම යයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙම පනත් පතේ 34.6 % ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබෙන බවද හෙළිදරව් කරන ලදී.

වරාය නගර පනත් කෙටුම්පත රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා 26 ක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව ඇති බවද විපක්ෂ නායකවරයා සභාවට පෙන්වා දෙන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad