නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් දෙවුරුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් දෙවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුනනා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වන නීතිපතිවරයායි.

නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති ඔහු රජයේ ජේ්‍යෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබෙනවා.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.

2014 වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් ඔහු සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙක්.    

 ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබ වූ සංජය රාජරත්නම් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකු වනවා.



No comments:

Post a Comment

Post Bottom Ad