වසංගතය දරුණුම සීමාවේ - දිනකට ඇදන් හයදහසක් ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

වසංගතය දරුණුම සීමාවේ - දිනකට ඇදන් හයදහසක් ඉල්ලයි !

කොරෝනා වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිර යන බවත් එම තත්ත්වය මත සෑම පැය 6 කට වරක් ම ආසාදිතයන් සඳහා ඇඳන් දහසක් සූදානම් කිරීමේ අභියෝගයක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඉදිරි සති දෙකක කාලයේදී පැය හතරකට වරක් ආසාදිතයන් දහසකට ඇඳන් ඇති කිරීමට සිදු වෙතැයිද සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

වෛරසය මේ ආකාරයෙන් පැතිරෙමින් ඇත්තේ තම සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කරන යෝජනා වසංගත රෝග විද්‍යා අංශය සැලකිල්ලට නොගෙන ක්‍රියා කිරීම නිසා බවද ඔහු කියා සිටියේය.

තත්වය පාලනය කිරීමට නම් අඛණ්ඩව දින දාහතරකට සංචාරණ නීති පැනවිය යුතු ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad