ගාල්ල - මාතර හා කුරුණෑගලට කොවිඩ් එන්නත් අද සිට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

ගාල්ල - මාතර හා කුරුණෑගලට කොවිඩ් එන්නත් අද සිට


ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශයන්හි කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද සිට (මැයි 27) අරඹන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම වැඩපිළිවෙළ සිදු කරනුයේ, වසංගත රෝග විද්‍යා අංශයේ නිර්දේශ මත බව ද හෙතෙම කියා සිටියේ ය.

කොරෝනා ව්‍යාප්තිය බහුලව ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්කවලත් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad