ගිණි ගන්න නැවෙන් වැටුනු අහුලං දුවන මළු වර්ගය මෙන්න - එකක් ඩොලර් 30යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

ගිණි ගන්න නැවෙන් වැටුනු අහුලං දුවන මළු වර්ගය මෙන්න - එකක් ඩොලර් 30යි


මේ තියෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් මුහුදට වැටිලා මීගමු වෙරළට ගහගෙන ආපු අර සුදුපාට ලොකු මලු වර්ගය. මේවා ඇතුලේ තියෙන්නේ ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක එහෙම හදන්න ගන්න පොලිතීන් කැට.

Low Density Polyethylene(අඩු ඝනත්ව පොලිතීන්) ඒ වගේම මධ්‍යම ඝනත්ව / වැඩි ඝනත්ව පොලිතීන් කැටත් මේ වර්ගයේ බෑග්වල අහුරලා තියෙනවා. මේ පොලිතී කැට ගිනිගන්නා සුළුයි. අධික හිරු එළියට පවා මේවා උණුවිය හැකි බව සඳහන්. මේ “අමු පොලිතීන් කැට” මිනිස් සමටත් අහිතකරයි. ඒ නිසා මේවා සම්මත තත්ව යටතේ නැවත උණුකරලා අර මුලින් කිවුව දේවල් හදනවා.

කටාරයේ මුන්ටාජාත් සමාගමෙන් නිෂ්පාදනය කරන මේ පොලිතීන් කැට කිලෝ25 බෑග් විදිහට තමා අසුරලා තියෙන්නේ. මේ කැට කිලෝ 25ක මල්ලක් ඇමරිකන් ඩොලර් 30ක් පමණ වෙනවාලු.

No comments:

Post a Comment

Post Bottom Ad