බැරල් ලක්ෂයක ධාරිතාවකින් සහිත නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ හමුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය ඉඳිකර , මෙහෙයුම් කර , පවරන ක්‍රමවේදයට (BOT) අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවත් ඒ සඳහා රුපියල් බිලියන 600 ක මුදලක් වැය වෙතැයි බලාපොරොත්තු වන බවද පෙන්වා දෙයි.
එසේ බැලුවොත් එය ලංකාවේ දැවැන්තම පිරිපහදු ව්‍යාපෘතිය බවට පත්වන අතර ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් සිදුකරන ප්‍රථම ව්‍යාපෘතිය බවටත් මේ පත්වන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
දැනට රටේ පවතින නීතිය අනුව පිරිපහදුවක් පවත්වාගෙන යෑමේ ඒකාධිකාරී බලය තිබෙන්නේ ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට බව අවධාරණය කරන අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය BOT ක්‍රමයට කරන්නට නම් අදාළ ව්‍යාපෘතිය කරන ආයෝජන සමාගමට අවශ්‍ය නීතිමය බලය ලබාදීම සඳහා 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවද හෙළි කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශක්‍යතා කටයුතු දැන් සිදු කෙරෙන අතර එය ඔක්තෝබර් මාසය වන විට මේ අවසන් කිරීමටත් මේ වසර අගදී අදාළ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයා තෝරා ගැනීමටත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා දැක්වූ අදහස පහතින්,

No comments:
Post a Comment