ක්‍රිකට් පඩි කැපුවාට විරෝධය පා ඉතිහාසයේ පළමුවරට සියලුම ක්‍රීඩකයන් එක්ව නිවේදනයක් නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

ක්‍රිකට් පඩි කැපුවාට විරෝධය පා ඉතිහාසයේ පළමුවරට සියලුම ක්‍රීඩකයන් එක්ව නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කපා දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සහ නව වැටුප් තල තීරණය කළ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ක්‍රිකඩ් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

ක්‍රීඩකයින්ගේ ගිවිසුම්වල කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම හා මැදිහත් වීම සදහා ක්‍රීඩකයින් විසින් පත් කරන ලද නිල නියෝජිතයා වන නීතිඥ නිෂාන් සිඩිනි ප්‍රේමතිරත්න විසින් එකී ක්‍රීඩකයින් වන පහත නම් සදහන් ක්‍රීඩකයින් වෙනුවෙන් නිවේදයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට තිබේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවිස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් , කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිශ්ශංක, ලහිරු තිරිමාන්න, දූෂ්මන්ත චමිර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, රහිරු කුමාර, දනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කොට ඇත.

මෙවැනි නිවේදනයක් සියලුම් ක්‍රීඩකයන් විසින් එක්ව නිකුත් කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

එම නිවේදනය පහතින්:

No comments:

Post a Comment

Post Bottom Ad