කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිරමින් - සති දෙකක් රට වහන්න වෛද්‍ය සංගම් හතරක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිරමින් - සති දෙකක් රට වහන්න වෛද්‍ය සංගම් හතරක් ඉල්ලයි


කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම් අඩුම තරමේ සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සම්ගම් හතරක් අවධාරණය කරයි.

පළාත් අතර සංචරණ සීමා පැනවීම, හඳුනගත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මගින් පමණක් වයිරසය පැතරයාම පාලනය කිරීමට නොහැකි බව ද එම වෛද්‍ය සංගම් කියයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව යන සංගම් රජයෙන් එම ඉල්ලීම කරයි.

ලබන අඟහරුවාදා (24) සංචරණ සීමා ලිහිල් නොකර එය තවත් දින ගණනාවකට දීර්ඝ කළ යුතු බව ද දින හතරක් පහක් සංචරණ සීමා පැනවීමෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් එම සංචරණ සීමාව තවත් සතියකින්වත් දීර්ඝ කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad