අලුත් වාහන තොගය ගෙන්වන්න LC විවෘත කර අවසන්.. නොගෙනාවොත් ලංකා බැංකුව Black List - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

අලුත් වාහන තොගය ගෙන්වන්න LC විවෘත කර අවසන්.. නොගෙනාවොත් ලංකා බැංකුව Black List

සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට වූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවූවද එම වාහන ගෙන්වීම සඳහා වූ ණයවර පත් ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී එම වාහන තොගය ගෙන්වූයේ නැත්නම් ණයවර පත් විවෘත කරන ලද ලංකා බැංකුව අසාදු ලේඛණගත වීමේ අවදානමක් ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දීය.

මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සභාපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කර ඇත්තේ ණුදෙනුකරුවන්ගේ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ තම බැංකු පිළිවෙත අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්විය නොහැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad