ශ‍්‍රි ලංකා ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

ශ‍්‍රි ලංකා ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ !

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

නාවුක හමුදාව සඳහන් කරන්නේ කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිරින් ගමන් ගන්නා බහාලුම් ප්‍රවාහන නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇතැයි එම නෞකාවෙන් දැනුම් දී ඇති බවද නාවික හමුදාව පැවසීය.

එම නෞකාව කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ එකක් වන අතර මලක්කා සමුද‍්‍ර සන්ධිය ආසන්නයේදී ගින්න හටගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad