දැඩි සත්කාරයේ සිටි කොරෝනා ආසාදිතයා පැනයද්දී ඇද වැටී මරුට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

දැඩි සත්කාරයේ සිටි කොරෝනා ආසාදිතයා පැනයද්දී ඇද වැටී මරුට!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ “මෙත්සිරි සෙවණ “කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද  (11) අලුයම 3.00ට පමණ අවසිහියෙන් පළායාමට දැරූ උත්සාහයේදී රෝගී තත්ත්වය උත්සන්න වී පසුව මරණයට පත්වී ඇත.

අනුරාධපුර යසසිරිපුර පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි මියගිය එම තැනැත්තා එක්දරු පියෙකි.

මොහු කොරෝනා වෛරසය ආසාදනය වී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් ඇතුළත් කෙරෙන අංක – 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්නවී මෙත්සිරි සෙවණේ දැඩිසත්කාර ඒකකයට ඊයේ  (10) පස්වරුවේ ඇතුළත්කර තිබිණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද  අලුයම  අවසිහියෙන් ඔක්සිජන් හා සේලයින් සම්බන්ධතා ගලවා ඇඳෙන් නැගිට දැඩි සත්කාර ඒකකයේ දොරේ වීදුරුවද කඩාගෙන එළියට පැන  දිවයද්දී ඇදවැටී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මෙත්සිරි සෙවනේ කාර්ය මණ්ඩලයේ අය බිම වැටී සිටි එම ආසාදිතයා ව ගිලන් ඇඳක තබාගෙන නැවත දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ප්‍රතිකාර කිරීම ආරම්භකර ටික වෙලාවකින් මියගිය බවය.


No comments:

Post a Comment

Post Bottom Ad