සුදර්ශනී පුතාගේ හෝටලේ මංගල්‍යය අවලංගු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

සුදර්ශනී පුතාගේ හෝටලේ මංගල්‍යය අවලංගු කරයි

කෝවිඩ් පාලන ප්‍රජා සෞඛ්‍ය හා වසංගත පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුත්‍රයා වන භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අද (12) දිනයේ කොළඹ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවය අවලංගු කොට තිබේ.

ඒ අනුව එම විවාහ මංගල්‍යයේ චාරිත්‍ර කතෝලික දේවස්ථානයක සීමිත පිරිසකගේ සහභාගිත්වය සිදු කිරීමට අමාත්‍යවරිය පියවර ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙර ඇය මේ තීරණයට එළඹී තිබුණේ අලුතෙන් විවාහ මංගල්‍යය මංගල්‍යය උත්සවයන් සඳහා නිරෝධායන නීති දැඩි කිරීමට රජය පියවර ගැනීමටත් පෙර සිටය.

උත්සව ශාලාවේ ධාරිතාව ආසන 500ට වැඩි නම් මංගල උත්සවයකට සහභාගි වීම සඳහා අමුත්තන් 150කට මීට පෙර අවසර ලබාදී තිබුණි. පසුව එය 50 දක්වා සීමා කරන ලදී.

කෙසේ වෙතත් අමාත්‍යවරිය මෙම තීරණය ගෙන තිබුණේ එම සීමාවක් පැනවීමට පෙර වන අතර පවුලේ අයගේ සහභාගිත්වයෙන් ආගමික දේවමෙහෙයක් පමණක් පවත්වා දේවස්ථානයේ චාරිත්‍ර සිදුකිරීමට ඇය පියවර ගෙන ඇත.

-lankasara


No comments:

Post a Comment

Post Bottom Ad