ලංකාවෙන් නව කොරෝනා ප‍්‍රභේදයක් මතුවෙන ලකුණු ? | CORONA VIRUS : SRI LANKA - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

ලංකාවෙන් නව කොරෝනා ප‍්‍රභේදයක් මතුවෙන ලකුණු ? | CORONA VIRUS : SRI LANKA


ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එය පවතින වෛරසය අභිබවා යාමට හැකිවනු ඇතැයි ද සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි.

කෙසේ වුවත් බොහෝ ප්‍රභේදයන් පවතින වෛරසය සමග තරග කිරීමට නොහැකි වීම නිසා මතු වීමට ප්‍රථම නැති වී යන අවස්ථා වැඩි බවද ඇය කියා සිටියාය.

අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය උපරිමයට ළඟා වෙමින් පවතින බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එය කඩා වැටීමට ලක්වනු ඇති බව පැවසූ ඇය පවතින තත්ව පාලනය සදහා සංචරන සීමා පනවන්නැයි රජයෙන් තම සංගමය ඉල්ලා සිටි බවත් ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad