මෛත්‍රීපාලට පල්ලියෙන් පණිවුඩයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 2, 2022

මෛත්‍රීපාලට පල්ලියෙන් පණිවුඩයක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් නිර්දෝෂි බව කුරුසියේ අත තබා කිව හැකි බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.

එහිදී උන්වහන්සේ සදහන් කර සිටියේ හිටපු ජනාධිපතිවරයා නිර්දෝෂී නම් ඒ බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බවකි.

වෙලාව ආ පසු තමන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කීමට දේවල් ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට ඇති බවත්, ඒ සදහා අවුරුදු ගාණක් බලා සිටිය යුතුද, එසේත් නැත්නම් මැතිවරණයක් එන තෙක් බලා සිටිය යුතුද යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad