"හිතන්න එපා අරගය ඉවරයි කියලා... ඒ නිසා නැවත ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා" - ෆොන්සේකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 12, 2022

"හිතන්න එපා අරගය ඉවරයි කියලා... ඒ නිසා නැවත ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා" - ෆොන්සේකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

ජනපති රනිල් වික්‍රමසිංහ මේ පළිගන්නෙ රට වෙනුවෙන් හඬ නගපු තරුණයන්ගෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

“මේ පළිගන්නෙ රට වෙනුවෙන් හඬ නගපු තරුණයන්ගෙන්. රට යම්කිසි මාර්ගගයට ගෙන යා යුතුයි කිා මාර්ගයක් කපපු දරුවන්ගෙන්. මේ රටේ මිනිස්සු මේ දරුවන් වෙනුවෙන් හිට ගන්න ඕන. ඒ අයව හිරේ දාන එක නවත්වන්න ඕන.

ණය ලබාගෙන කාලා බිලා රට ගොඩ දාන්න බෑ. රට ගොඩ දාන්න එතුමා සැලැස්මක් දාලා නෑ. හැබැයි එතුමාගේ වටේ ඉන්න හෙංචයියෝ ටිකක් මේ කාලයේ ආතල් ගන්න බව අපට පේනවා. එතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අරගලයේ ඉන්න දූ දරුවන්ගෙන් පළි ගන්න එපා. පැපොල් කෑල්ල කෑවා කියලා කූඩුවේ දානවා.

ජනාධිපති පැනලා ගියාට පස්සේ කොඩිය ඇඳගෙන ගියා කියලා තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ තරුණයා හිතන්න ඇති මේක බතික් රෙදි කෑල්ලක් කියලා. දූෂණයෙන් පිරුණ රටේ දූෂණයට අතිහිත දෙන දූෂණය පතුරවන එක දේශපාලඥයෙකුට එරෙහිව ක්‍රියාමාර්යගයක් ගන්න එතුමා ලෑස්ති වෙලා නෑ.

9 දා අරගලය පැවැතුනේ නෑ. මර්දනය හමුවේ අරගලය මර්දනය වුණා. නමුත් අරගලයේ සංකල්පය ඉවර වෙලා නෑ. අපි මේ අරගලයට හැමදාම ආශීර්වාද කරනවා. අරගලය ප්‍රතිසංවිධානය වෙන්න ඕන.ඒකට පොඩි කාලයක් යාවි. ඒක නිසා හිතන්න එපා අරගය ඉවරයි කියලා. නැවතත් ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් කියා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad