මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO)) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))

පොහොට්ටු පක්ෂය විසින් සංවිධානය කර තිබෙන එක්ව නැගිටිමු ජන හමුව මාලාවේ දෙවැන්න මේ වන විට නාවලපිටියේ දී පැවැත්වෙමින් තිබේ.

ඒ අතර නාවලපිටිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයකට සහභාගී වී සිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතාද නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිම සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad