එක මාසෙට කොළඹ තරුණයන් 5ක් විතර හෝටල් කාමරවල මැරෙනවා! හේතුව ලිංගික උත්තේජන ඖෂධ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

එක මාසෙට කොළඹ තරුණයන් 5ක් විතර හෝටල් කාමරවල මැරෙනවා! හේතුව ලිංගික උත්තේජන ඖෂධ!

ක්ෂණිකව ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිතය ගැනීම නිසා හෝටල් කාමර තුළ තරුණයන් මිය යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව හෙළිවි ඇත.

හදිසියේ මිය යන තරුණයන්ගේ මරණ පරීක්ෂණ බොහෝමයකදී ඔවුන් සිය සහකාරියන් සමග සිටින අවස්ථාවලදී ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීරද තහවුරු කළාය.

විශේෂයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ පිරිස මෙලෙස වෛද්‍ය උපදෙස් නොමැතිව විවිධ වර්ගයේ ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිත කිරීමට පෙලඹී ඇත.

මෙලෙස විවිධ ​​​ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම හේතුවෙන් කොළඹ නගරයේ මසකට තරුණයන් පස් දෙනකුවත් මියයන බව මරණ පරීක්ෂණ උසාවි වාර්තා පෙන්වා දෙයි.

මෙවැනි ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ ගන්නේ නම් ඊට පෙර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්‍යවරු අවධාරණය කරති. අරුණ

No comments:

Post a Comment

Post Bottom Ad