කොළඹ අක්කට සල්ලි දුන්න හැටි – කළු සල්ලි ගැන නාමල් කිව්ව කතාව! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

කොළඹ අක්කට සල්ලි දුන්න හැටි – කළු සල්ලි ගැන නාමල් කිව්ව කතාව!

රාජපක්ෂලා ළඟ කළු සල්ලි තියෙනවා යැයි කියූ බොහෝ දෙනා කොළඹ සිටිනා අක්කා කෙනෙක්ට සල්ලි දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. ඒ ඊයේ පොහොට්ටු පක්ෂයේ දෙවන රැස්වීමට නාවලපිටියේදී එක්වෙමින්. 
එම මුදල් ලබා දුන් ලැයිස්තුව බැලූ විට රාජපක්ෂවරු හැර අනික් සියලු දෙනා සිටින බවද ඔහු කියා සිටියා.

අරගලයට නායකත්වය දුන්න අය අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කළ  නාමල් රාජපක්ෂ මහතා දමිතා අබේරත්න සමගි ජන බලවේගය වේදිකාවේ බවද ප්‍රකාශ කළා.

මුල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තිය සමඟ කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින්, ප්‍රසිද්ධ වෛද්‍යවරුන් වැනි බොහෝ ක්ෂේස්ත්‍ර නියෝජනය කරන පිරිස් ගනුදෙනු කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එලෙස ගණුදෙණු කළ පිරිස් සම්බන්ධ ලේඛනයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad