මගේ V8 එක හොරෙන් විකුණලා...මං පොලිසි ගියා - මුරුත්තෙට්ටු හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 13, 2022

මගේ V8 එක හොරෙන් විකුණලා...මං පොලිසි ගියා - මුරුත්තෙට්ටු හිමි

තමන් සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප්රථය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණා දමා ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. 
තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවක් යැයි ඇතැමුන් පැවසුවද එම වංචාව කළේ අදාළ කාන්තාව නොව කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර බවද උන්වහන්සේ කියා සිටියහ.

ඇය තම විහාරස්ථානයේ දායිකාවක වුවද තිළිණි ප‍්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවද උන්වහන්සේ පැවසූහ.

තමන් වහන්සේට දායකයෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ජීප් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම මන්ත්‍රීවරිය පසුව මුදල් ලබා දීමේ පදනමින් එය ලබා ගෙන ගියද පසුව මුදල් ලබා නොදීම නිසා කළ සොයා බැලීමක දී එය අලෙවි කර තිබූ බව උන්වහන්සේ පැවසූහ.

ඒ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad