රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගේ ඇමැති ධුරය ඉවත් කරන ලෙස එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එජාපයේ මැති ඇමැති පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
බෞද්ධ භික්ෂුන් වහන්සේලාට චෝදනා කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය එක්සත් ජාතික පක්‍ෂයට බෞද්ධ ඡන්ද පදනම අහිමි කිරීම සඳහා බරපතළ ලෙස බලපාන බව ඔවුන් පෙන්වා දී ඇත.
එක්සත් ජාතික පක්ෂය බෞද්ධ විරෝධී පක්ෂයක් ලෙස මෙවන් ප්‍රකාශ නිසා රට පුරා මතයක් ඇති වෙමින් තිබෙන බව ඔවුන් සදහන් කර තිබේ.
මෙවර කළ ප්‍රකාශය හේතුවෙන් රන්ජන් රාමනායක මහතාගේ ඇමති ධුරය අහෝසි කළ විධිමත් කළ යුතු බව එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
පාස්කු බෝම්බය එල්ල වූ පසු මුළු මහත් බෞද්ධ සමාජයම කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෙලාවක රාමනායක මහතා බෞද්ධ භික්ෂූන්ට කරන අපහාසාත්මක ප්‍රකාශ නිසා එජාපය රට තුල බලවත් අපහසුතාවයට පත්ව ඇතැයිද මෙම පිරිස සඳහන් කර තිබේ.
මේ තත්ත්වය මත ඉදිරි දිනකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රාමනායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටීමටද මෙම පිරිස තවත් අවස්ථාවකදී පක්‍ෂ නායකත්වය හමුවීමට නියමිතය.
Saturday, July 20, 2019

රන්ජන් ඇමතිකමින් ඉවතට..?
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment