මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි

දැන් තත්ත්වය මත තමන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට පත්වනු ඇති බවත් රිම්න්ඩ් කිරීමේ ඉඩක්ද ඇති බවත් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිව්ට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සඳහන් කර තිබේ. ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා නම් ඇය මේ බව සදහන් කර ඇත්තේ දින කිහිපයක් තිස්සේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු කොලඹ ස්විස් තානාපති කාර්යාලයේදීය.

කෙසේ හෝ තමන් බේරා ගන්නැයි ඇය එහි සිටි තම හිතවතුන් කිහිප දෙනෙක්ටම පවසා ඇති අතර අතර අවස්ථා කිහිපයකදිම උස් හඩින් කෑගසාද ඇත.

මේ අතර ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ අදාළ කාන්තාව කර ඇති ප්‍රකාශය අසත්‍ය බව දැනට රට හෙළිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ය.


No comments:

Post a Comment

Post Bottom Ad