චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි

2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවේදී වාහනයේ රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද විදෙස්ගත වීම තහනම් කර තිබේ.

2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයක් හා යතුරු පැදියකින් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad