නිපුනට කාඩ් එක දුන්නේ නංගිගේ පුතා නිසාම නෙවෙයි - මහින්ද කියන විදිහට මෙන්න හේතුව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Sunday, July 12, 2020

නිපුනට කාඩ් එක දුන්නේ නංගිගේ පුතා නිසාම නෙවෙයි - මහින්ද කියන විදිහට මෙන්න හේතුව (VIDEO)

සිය නැගණියන්ගේ පුත් නිපුන රණවක වෙත මෙවර මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා දුන්නේ සිය නැගණියන්ගේ පුතණුවන් වීම නිසාම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ නිපුන රණවකගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතරදී සංවිධානය කර තිබූ ජනහමුව අමතමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීමේදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ දිවා රෑ නොබලා නිපුන රණවක ඒ වෙනුවෙන් කැප වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාට විශාල ශක්තියක්ව සිටි බවයි අගමැතිවරයා කියා සිටියේ.

ඒ නිසාම විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව අද රටට තරුණ දේශපාලන නායකත්වයක් අවශ්‍ය  හෙයින් මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා දී තිබෙන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

"අපේ බෑනලා අතරින් නිහතමානීම බෑනා තමයි නිපුන. ඒක කියන්න ඕනේ."

මේ අතර එජාපයේ කණ්ඩායම් දෙකේ  හැසිරීම පිළිබඳව ද මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වුවා.

දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය ආණ්ඩුව සමඟ තරඟයකින් තොරව සිරිකොත ඇල්ලීමේ සටනක නියැලී සිටින බවයි රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *