දැනට ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කර 20 වන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ තමන් නොවන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි මහතා සඳහන් කරයි.
නමුත් 20 වන සංශෝධනය මගින් සිදු වන්නේ 19 සංශෝධනය ඉවත් කර ඊට පෙර තිබූ තත්ත්වයට යාම පමණක් බවද ඔහු කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ මෙම කෙටුම්පත සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බවයි.
නමුත් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් බවද ඇමැතිවරයා පැවසීය.
මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ මෙම සංශෝධනය සකස් කලේ කවුදැයි ආණ්ඩුව පාර්ශවයෙක් කිසිවෙකු වගකීම බාර නොගන්නා බවත් එය දැන් අවජාතක එකක් වී ඇති බවත්ය.
Saturday, September 12, 2020

20 කෙටුම්පත හැදුවේ මං නොවෙයි.. අධිකරණ ඇමති කියයි.. කෙටුම්පත හැදු කෙනෙක් නැතිවෙයි…
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment