කාති උසාවි අපට එපා.. ෂරියා අපට එපා... එක රටක් එක නීතියක් අපට ඕන – මුස්ලිම් ජනතාවත් පොදු නීතියක් වෙනුවෙන් සටනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

කාති උසාවි අපට එපා.. ෂරියා අපට එපා... එක රටක් එක නීතියක් අපට ඕන – මුස්ලිම් ජනතාවත් පොදු නීතියක් වෙනුවෙන් සටනට

කාති උසාවිය මුදල් සහ ධනය බලය අනුව තීන්දු ලබා දෙන බවත් මේ නිසා තමන් මහත් අසරණභාවයට පත්ව ඇති බවත් මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙක් අද (28) මාධ්‍ය හමුවක දී අනාවරණය කළහ. සිය බිරිඳගේ අනියම් සබඳතාවක් නිසා ඈ විසින් තමා දික්කසාද කළ බවත් කාති උසාවිය මසකට රු. 11 000ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ ද තමන්ට එය කළ නොහැකි බවත් පැවසීය.

මේ රටට නීති දෙකක් උවමනා නැති බවත් එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය අනුව කාති උසාවි අහෝසි කර මුළු රට ම එක ම නීති පද්ධතියකට යටත් කළ යුතු බවත් ඔවුහු පැවසූහ.

මෙම මුස්ලිම් පුද්ගලයන් දෙදෙනා නව සිහළ උරුමයේ මාගල්කන්දේ සුදත්ත හිමි සමග මාධ්‍ය හමුවට එකතු වී තිබිණි. 





No comments:

Post a Comment

Post Bottom Ad