කොරෝනා මැද හෙද වර්ජනයකට සූදානම්,අවසන් පැය කිහිපය දෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

කොරෝනා මැද හෙද වර්ජනයකට සූදානම්,අවසන් පැය කිහිපය දෙයි.

 

රජයේ රෝහල්වල හෙද සේවයෙහි යෙදී සිටින සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න සදහා විසදුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට යුතු කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරන්නේ මෙම සේවක සේවිකාවන්ගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය හා ගමනාගමන ප්‍රශ්නය සදහා ඉදිරි පැය 48 ඇතුලත ආණ්ඩුවෙන් පැහැදිලි විසඳුමක් ලබා දිය යුතු බවයි.

එසේ නොකළ හොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද උන්වහන්සේ කියා සිටියහ.

කොරෝනා වෛරස තත්ත්වය නිසා රෝහල් වල සේවයේ නියුතු හෙද සේවක සේවිකාවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

උපුටාගැනිම - Lankacnews.


No comments:

Post a Comment

Post Bottom Ad