කළුතරත් අවධානමක? කොරෝනා ආසාදිතයින් 805ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

කළුතරත් අවධානමක? කොරෝනා ආසාදිතයින් 805ක්

කළුතර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා ආසාදිත රෝගීන් 805 දෙනෙකු (15) වන දිනට වාර්තා වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල , කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක යන මහත්වරු පැවසීය.
මෙලෙස හඳුනා ගත් රෝගීන් අතර ගැබිණි මව්වරුන් 18ක් හා විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන් 09 දෙනෙකු වාර්තා වී තිබෙන බව කියයි.

කොරෝනා රෝගීන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වනුයේ හොරණ 121, ඉංගිරිය 90, බේරුවල 78, පානදුර 69, මතුගම 67, වාද්දුව 63, කළුතර 58, මදුරාවල 51, මිල්ලනිය 37,වලල්ලාවිට 22, පාලින්දනුවර 11, බුලත්සිංහල 04 සහ දොඩංගොඩ 04 ලෙස රෝගීන් 805 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් කියයි.


– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad