මේ රටේ බොරු කියන එකාට අප්පුඩි ගහනවා: ඇත්ත කියන එකා හිරේ දානවා: රන්ජන් වෙනුවෙන් ඇමැතිවරයෙක් පෙරට එයි - (video) - විගස පුවත් - Vigasapuwath

Saturday, February 6, 2021

මේ රටේ බොරු කියන එකාට අප්පුඩි ගහනවා: ඇත්ත කියන එකා හිරේ දානවා: රන්ජන් වෙනුවෙන් ඇමැතිවරයෙක් පෙරට එයි - (video)

‘රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිව්ව හැම කතාවක්ම ඇත්ත කියලා මම කියනවා. අර්ධ වශයෙන් හෝ සත්‍ය තිබුණා එම කතා ඇතුළේ. එතුමා අමාරුවේ වැටුණේ පාර්ලිමේන්තුවෙන් පිටදී ඕවා කතා කරපු නිසයි. පාර්ලිමේන්තුව ඇතුළේ ඕවා කතා කළා නම් මොකුත් කරන්න වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කිව්වම මටත් මඩ ගහයි…” යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට යාබද නිවාසයේ තමන් ජිවත් වන බව කියූ රාජ්‍ය අමාත්‍යවරයා ඔහු ඇසුරු කිරීමට හැකි ප්‍රියමනාප පුද්ගලයෙක් බවද කියා සිටියේය.

‘එතුමා මේ රටේ නම්බුකාර ලිංගික කර්මාන්ත ශාලා ඇතුළේ දුක් විඳින ගෑනු දරුවන් ගැන කතා කළා. ඇත්ත, අම්පාර වගේ ගොඩක් දුෂ්කර පලාත්වල දරුවන් අද ඒ දුක විදිනවා. ඒ ගැන කතා කරන්න අද කවුරුත් නැහැ” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *