ශ‍්‍රීලනිපය ස්වාධීන වෙන්න තීරණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

ශ‍්‍රීලනිපය ස්වාධීන වෙන්න තීරණය කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු නොකර තම පක්ෂ සභාපතිමෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව විරෝධය පළ කරයි. සති අන්ත ‘අනිද්දා’ පුවත්පත විසින් කළ විමසීමකදී එහි ප‍්‍රතාශකයෙකු සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවහොත් නිහඬ ව නොසිටින බවය.

ඒ සම්බන්ධයෙන් ඉකුත් මධ්‍යම කාරක සභා රැස්වීම් ද සාකච්ඡා කළේ යැයි ඔහු පවසා ඇත.

ඉදිරියේ දී ආණ්ඩුව තුළ තනි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ආණ්ඩුව තුළ සිටි ස්වාධීන ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවද ඔහු සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad