කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දුන්නේ එන්නත්කරනය වේගවත් නිසා - දිලුම් අමුණුගම - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දුන්නේ එන්නත්කරනය වේගවත් නිසා - දිලුම් අමුණුගම

කොරෝනා ආසාදිතව මිය යන ලියන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය සදහා අවසර දුන්නේ කිසිවෙකුගේ හෝ බලපෑමට යටත්ව නොවන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත්ව සිදු වන නිසා ඒ සඳහා අවසර දුන් බව ද ඔහු කියා සිටියේය.

පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය යෙදීමෙන් පසු එම අවසරය දීමට රජය කටයුතු කළ බවට මතයක් පතුරුවා ඇතත් එහි සත්‍යතාවයක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා මරණ භූමදාන කළ හැකි ද යන්න සොයා බැලීමට පත්කළ තාක්ෂණ කමිටුවෙන් නිර්දේශ වූයේ එන්නත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අවස්ථාවක මෘත දේහයන් භූමදානය කිරීම ගැටලුවක් නොවන බව යැයිදඒ අනුව අදාළ අවසරය ලබාදී ඇතැයිද ඇමතිවරයා කීය.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad