දිනකට ආසාදිතයන් 10,000 බැගින් මගහැරෙනවා.. රටට ඉතාම බරපතලයි.. වසා දමනු හැර විකල්ප නෑ - ප‍්‍රධාන වෛද්‍ය සංගම් එක්ව කියති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

දිනකට ආසාදිතයන් 10,000 බැගින් මගහැරෙනවා.. රටට ඉතාම බරපතලයි.. වසා දමනු හැර විකල්ප නෑ - ප‍්‍රධාන වෛද්‍ය සංගම් එක්ව කියති - (video)

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තත්ත්වය මත අඩුම තරමින් දින දාහතරකට හෝ රට වසා දමනවා හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. මෙම තීරණය රටට ආර්ථික වශයෙන් කොපමණ බලපෑමක් ඇති වුවද මේ අවස්ථාවේ ඒ හැර වෙනත් විකල්පයක් නැති ද ඇය කියා සිටී.

ප්‍රධාන වෛද්‍ය සංගම් 04ක් විසින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

අද වන විට රට පුරා රෝහල්වල වෙනත් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුද කොරෝනා රෝගීන් සදහා යොසා ගනිමින් තිබෙන බව ද දැඩි සත්කාර ඒකකද කොරෝනා ආසාදිතයන් ගෙන් පිරී ගොස් ඇතැයි ද ඇය පැවසුවාය.

දැනට දිනකට රෝගීන් තුන් දහසක් පමණ හඳුනා ගන්නා බවත් එනම් ආසාදිතයන් 10,000 ඉක්මවා හදුනාගැනිම මගහැරෙමින් අති බවත් ඇය සඳහන් කළාය.

එනිසා මෙම බරපතළ තත්ත්වය පාලනය කර ගැනීමට රට වසා දමනවා හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද ඇය කියා සිටියාය.

අද කොලඹ පැවති මෙම මාධ්‍ය හමුව සදහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad