පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

පෝර්ට්සිටියට පහසුකම් දෙන්න කබ්රාල්ගේ පුතා සමාගමක් දාලා – ජවිපෙ

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වීමටත් පෙර මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතා විසින් වරාය නගරයට පහසුකම් සැපයීම සඳහා CHEC PORT CITY COLOMBO (PVT) LTD ලෙස සමාගමක් පිහිටුවා ඇති බව නීතීඥ සුනිල් වටගල පවසයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික ජන බලවේගයේ නීතීඥයින් ඊයේ (20) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වරාය නගරයට, ජල, විදුලි පහසුකම් ලබාදීම වරාය නගරයේ කැළි කසළ ඉවත් කිරීම අතුළු පහසුකම් සැපයීම සඳහා අතර මැදි සමාගම්වලට මැදිහත්වීමට, වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බවත් ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත් චතුර කබ්රාල් විසින් මෙම පනත සම්මත වීමටත් පෙරම එම පහසුකම් සැපයීමේ සමාගම පිහිටුවා ඇති බවත් නීතීඥ සුනිල් වටගල අවධාරණය කර සිටියේ ය.





No comments:

Post a Comment

Post Bottom Ad