කොරෝනාවට බටහිර ඖෂධ නෑ.. දේශීය පතිකාර සාර්ථකයි.. ඊට ඉඩ දෙන්න - ප‍්‍රකට බටහිර විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසිද්දියේ ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

කොරෝනාවට බටහිර ඖෂධ නෑ.. දේශීය පතිකාර සාර්ථකයි.. ඊට ඉඩ දෙන්න - ප‍්‍රකට බටහිර විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසිද්දියේ ඉල්ලයි

කොරෝනා වෛරස ඉදිරියේ බටහිර වෛද්‍ය ක්‍රමය අසාර්ථක වී ඇති බවත් බටහිර වෛද්‍ය ක්‍රමය තුල කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර ක්‍රමයක් නැති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කරයි.

නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයේ ඒ සඳහා ප්‍රතිකාර ඇති බවත් ඒවා භාවිතයට අවසර දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

බටහිර වෛද්‍ය ක්‍රමය තනිකරම මාෆියාවක් බවත් තමන් එය කීමට බිය නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සදහා හදුන්වා දුන් පැණිය පරීක්ෂණයට ලක් කළ ආකාරය වරද සහගත බවත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර පරික්ෂා කළ යුත්තේ දේශීය වෛද්‍යවරුන් විසින් බවත් පැවසූ ඔහු එම පරීක්ෂණ වාර්තා තමන් පිළිනොගන්නා බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad